පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇති බවට පුවතක් වාර්තා වෙනවා.
පොලිසිය පවසන්නේ ගින්න නිවීම සඳහා හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණිය ද ඒ වන විටත් වාහන දෙකම ගිනිගෙන විනාශ වී තිබූ බවයි.
වෙන්දේසි වත්තක් තුළ පිහිටි අදාළ වාහන නවතා තිබූ මෙම ඉඩමට කිසිවෙකුට හෝ ඇතුළු වීමට හැකියාවක් නොමැති බවද සඳහන්.
කෙසේවෙතත්, කිසිවෙකු විසින් මෙම වාහනවලට ගිනි තැබුවේද යන්න පිළිබඳව හෝ ගින්නට නිශ්චිත හේතුවක් පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.