30 C
Colombo
Saturday, November 16, 2024

ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් දෙදෙනෙක් මරුට

- Advertisement -

මාතර සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියක ඊයේ (15) පස්වරු 6.20ට පමණ වැලිගම පොල්අත්ත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටිමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

සිය ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටියදි ඔවුන් මෙම අනතුරට  මුහණ දී තිබුණා.

අනතුරින් මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල පදිංචිකරුවන් වන ලොරි රථයේ රියදුරු ලෙස සිටි 34 හැවිරිදි දිලිප පෙරමුණගේ හා ඔහුගේ සීයා වන 80 හැවිරිදි පි.කේ. සුගතදාස යන අයයි.

අනතුරින් තුවාල ලැබු එම පවුලේ අනෙක් සිව්දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවයි.

තුවාල ලැබු පිරිස අතර ජීවිතක්ෂයට පත්වු ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුදගලයාගේ අවුරුදු 01 හා අවුරුදු 07 යන වයස්වල පසුවන කුඩා දරුවන් දෙදෙනා, බිරිඳ හා බිරිදගේ මව යන පිරිස සිට ඇති අතර ඔවුන් මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දුම්රියක් පැමිණෙන බවට සංඥා එළි දැල්වෙමින් තිබියදී දුම්රියක් පැමිණෙන බවට අසල සිටි පිරිස පවසද්දීත් මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුව ඇතැයි  වැලිගම පොලීසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ජනාධිපතිවරයා...

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක්

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නව පාර්ලිමේන්තුවක් පත්වෙන අවස්ථාවල මෙලෙස...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගණන බෙදී ගිය හැටි මෙන්න

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තෝරා ගනු ලබනවා. ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා...

POPULAR ARTICLES