විඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ගාල්ල – නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවරිදි පාසල් සිසුන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙකු ඔහු ඉගෙන ගන්නා පාසලේම 13 හැවිරිදි සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා.
එහිදී ඔවුන් දෙදෙනා ජංගම දුරකතනයෙන් විඩියෝ ඇමතුම් ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති අතර, එක් අවස්ථාවකදී සිසුවිය සිසුවාට සිය උඩුකය නිරුවත් කර පෙන්වා ඇති බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත්, පසුව එම සිසුවා එම දර්ශන උපයෝගී කර ගනිමින් සිසුවිය බියගන්වා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය සිදුකර තිබෙනවා.