බූස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා තම නිවෙස්වලට ගිය පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
නොවැම්බර් 18 දින මෙම ආසාදිතයන් හදුනාගෙන ඇති අතර ඔවුන් බන්දේගම නවජනපදයේ හා හික්කඩුව ගලගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අදාල පුද්ගලයන් නොවැම්බර් 11 වන දින නිවෙස්වලට ගොස් ඇත.
කෙසේ වෙතත් ඔවුන්ව මේ වන විට ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ව නිරෝධායනය සදහා යොමු කර ඇත.