31 C
Colombo
Saturday, October 5, 2024

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාට්ටු

- Advertisement -

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට බව පවසා රුපියල් ලක්ෂ 3ක මුදලක් පළමුව ලබාගෙන එහි දෙවන කොටස වන රුපියල් 154,200ක මුදලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය තුළ ලබා ගන්නා අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඉබ්බාගමුව – දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මුදල් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාර මඟින් මගින් පුද්ගලයන් දෙදෙනකු සමග සිදු කරන ලද ගනුදෙනු තුනකට අදාලව වංචනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී කටයුතුවලදී ඉහත ගිණුම්වලින් වංචනික ලෙස මුදල් මාරු කරන ලද පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ණය පැමිණිලිකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට නම් රුපියල් 454,200ක මුදලක් අවශ්‍ය බව පවසා එකී මුදලින් ලක්ෂ තුනක මුදලක් පළමුව ලබාගෙන තිබූ බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, සැකකරුවන් ඉතිරි මුදල් කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking : සුරේෂ් සලේ ඉවතට

0
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. https://www.news19.lk/my-reputation-was-damaged-suresh-saleh/

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා. ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන්...

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව AF 408 - 9mm cz...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...