ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී රොෂාන් රණසිංහ මහතාගෙන් ප්‍රශ්න දෙකක් විමසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබියදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හා කතා කළේ ඇයිදැයි ජනාධිපතිවරයා එහිදී විමසා තිබෙනවා.
එමෙන්ම, මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූයේ ඇයිද යන ගැටලුවද ජනාධිපතිවරයා මෙහිදී රොෂාන් රණසිංහ මහතාගෙන් විමසා ඇති බව වාර්තා වෙනවා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටලුවක් බවයි.
ඒ අනුව, මෙම ප්‍රශ්නය දෙකටම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් නිසි පිළිතුරු ලබා නොදීම හේතුවෙන් කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය භාරදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.