මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර – රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ගයි.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග මතට ගල් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයයේ රථවාහන ධාවනයට බාධා එල්ලව තිබුණා.
ඒ අනුව එම මාර්ගයන්ට ඉහළින් ඇති ගල් කොටසක් ඉවත් කරන තෙක් මාර්ගය මතුපිට ඇති ගල් ඉවත් කිරීම අවදානම් වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම මාර්ග කොටසෙහි රථවාහන ධාවනය අත්හිටුවීමටයි එම අධිකාරිය පියවර ගෙන තිබෙන්නේ.
මේ හේතුවෙන් මෙම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සඳහා පහත දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනවා.
එම විකල්ප මාර්ග පහතින්,