28.2 C
Colombo
Tuesday, October 22, 2024

මාතර වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මාතර – නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටළීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.

පසුගිය 15වනදා මාතර නාවිමන ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 26 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබුණා.

පොලීසි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අදාළ මෝටර් රථය පැදවු පුද්ගලයා මාතර තොටුමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 29 හැවිරිදි අම්බලන්තොට පොලිස් වසමේ පදිංචිකරුවෙකු බවයි.

මීට අමතරව, අදාළ ඝාතනය සිදුකිරීම සඳහා මාර්ගය නිරීක්ෂණය කළ බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකු කැකනදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලික විමර්ශන වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි.


RECENT ARTICLES - SINHALA

පැහැර ගත් පුතාව බේරගන්න ගිය පියා මරුට

පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ...

වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක  රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින්...

මගී බස් 2ක් මුහුණට මුහුණ ගැටෙයි – 28ක් රෝහලේ

අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම්...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...