31 C
Colombo
Friday, October 18, 2024

මාදම්පිටියේ ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී පසුගිය බදාදා (16) වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 යන වයස්වල පසුවන කොළඹ 10 හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉහත සැකකරුවන් මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මරණකරු සමග ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා බවයි පැවසෙන්නේ.

මොවුන් විසින් මරණකරුව නිවසේ සිට වෙඩිතැබීම සිදු කළ ස්ථානයට ත්‍රිරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.

ඔවුන්, වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධවී මෙම ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමෙන් ඉල්ලිමක්

බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබෙනවා. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා...

සුනාමි ගෙවල් 500ක් වසර 14කට පසු භාරදෙන්න තීරණයක්

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

නීති විරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඩීසල් මුදලට විකිණු පුද්ගලයෙකු ඩීසල් ලීටර් 1,225 ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...