27.6 C
Colombo
Monday, March 31, 2025

අවුරුද්දට කලින් පුද්ගලයින් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත

- Advertisement -

වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි නිරත පුද්ගලයින් 50,000 ක් සඳහා නොමිලේ “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේයි.

ගෙවුණු කාල පරිච්ඡේදය තුළ මෙරට “ටයිපොයිඩ්” රෝග ව්‍යාප්තිය හා රෝගය වැළදීම පිළිබඳ ව වාර්තා වු දත්ත පාදක කර ගනිමින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

“ටයිපොයිඩ්” රෝගය වැළදීමේ හා පැතිරීමේ වැඩි ම ප්‍රවණතාවය ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මුලික කර ගනිමින් සිදුවන බව ගෙවුණු වසර කිහිපයක සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා පවසන්නේ මේ හේතුවෙන් එම ක්ෂේත්‍රවල සේවයේ නියුතු පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මෙම එන්නත ලබාගැනීම තුළින් “ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වන අතර, රෝගය පැතිරීමේ අවධානම ද තුරන් වෙනවා.

මෙහිදී, මෙරට සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් දැනට ස්ථානගත කර ඇති අතර, එම පිරිස දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 ක් තුළින් එක්රැස් කරගත් දත්ත පාදක කර ගනිමින් මෙම “ටයිපොයිඩ්” එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

ජංගම ආහාර වෙළෙන්දන්, ආපන ශාලා සේවකයින්, ජනාකීර්ණ ස්ථානවල ආහාර අලෙවි කරන්නන් මෙන්ම අධ්‍යාපන ආයතන, පාසල් සහ අනෙකුත් ආයතන වෙත සමූහ ලෙස ආහාර පිසින, අලෙවිකරන සහ බෙදාහරින පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි.

“ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වීම සදහා මෙම එන්නත වසර 03 කට වරක් ලබාගත යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන මෙම එන්නත් වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මගින් සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාගත හැකියි.

RECENT ARTICLES - SINHALA

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

Breaking: ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති...

POPULAR ARTICLES

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...