වස් තුන් මසක් ගෙවී ගොස් උදා වූ චීවර මාසයේ, උමංදාව මහා විහාරයේ කඨින චීවර මංගල්‍ය නිමිතිකොටගෙන නොවැම්බර් 13 වැනිදින සද්ධර්ම දේශනාව පවැත්විණ.
මෙහිදී කඨින චිවරය විශේෂ රථයකින් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට වැඩමවන ලද අතර ඉන් අනතුරුව සංඝයා සඳහා පූජා කළ කඨින චිවරය සාම්ප්‍රදායානුකූලව පැවරීම සිදුවිය.
මේ සඳහා ගල්ලහැපිටියේ පේමරතන නායක ස්වාමින් වහන්සේ සහ තවත් භික්ෂූන් වහන්සේලා, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේගේ ඇරයුමින් වැඩම කොට සිටියහ.
අනතුරුව වැඩම කළ සංඝයා වහන්සේ උදෙසා පිරිනැමුණු දහවල් දානමය පිංකමෙන් පසු පැමිණ සිටි පිරිසටද භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි.