පළමුවරට පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යෞවනියන් සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 68ක් පමණයි.
කඩුලු තුනක් පමණක් දැවී තරගය ජය ගැනීමට ඉන්දීය යෞවනියන් සමත් වුණා.
ඉන්දියාව කාන්තා ක්රිකට් ලෝක කුසලානයක් දිනා ගත්තේ පළමුවරටයි.