ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.
චීනයේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බව චීනයේ රාජ්‍ය අංශයට අයත් නොවන මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර, උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී තිබෙනවා..
එමෙන්ම මෙම රෝගී තත්වය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය් චීන බලධාරීන් වෙත අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
තායිවාන මාධ්‍ය වාර්තා කළේ උතුරු චීන ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින අතර චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවයි.
2019 වසරේදී ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.
කොවිඩ් වෛරසය වූහාන් හි විද්‍යාගාරයක් තුළ සකස් කළ බවටත්, එය වැළඳුණු රෝගීන් පිළිබඳ කලක් වසන් කළ බවටද චීනයට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබුණා.