25 C
Colombo
Sunday, December 29, 2024

තැන තැන හමුවන නාඳුනන මළ සිරුරු

- Advertisement -

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බවයි.

කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන තිබෙනවා.

මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර, එය වයස අවුරුදු 35ත් 40ත් අතර උස අඩි 05යි අඟල් 08ක පමණ පිරිමි පුද්ගලයකුගේ බවට අනුමාන කළ හැකි බව වාර්තා වනවා.

මේ අතර, පෑලිගොඩ – 04 කණුව හා පට්ටිය හන්දිය අතර ප්‍රදේශයේ දී දුම්රියක ගැටුණු පුද්ගලයෙකුගේ නාඳුනන මෘත ශරීරයක් හමුව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි 05ක පමණ පිරිමි පුද්ගලයෙක්.

පොලීසිය පවසන්නේ, ඔහු අවසන් වරට සුදු හා කළු ටී ෂර්ට් එකක් සම කළු දිග බොටම් කලිසමක් හැඳ සිට ඇති අතර, දකුණ අතේ වැලමිටෙන් පහළ පච්ච කොටා ඇති බවයි.

මේ අතර මාරවිල – ජයලත්ගම ප්‍රදේශයේ දී වගුරු බිමක නාඳුනන පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුව තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් 60ක් පමණ වන උස අඩි 06ක පමණ පිරිමි පුද්ගලයෙක්.

මේ අතර, රාගම – කඩවත මාර්ගයේ රෝහල් වට රවුම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට පඩිපෙළෙක නාඳුනන මළ සිරුරක් හමුව තිබෙනවා.

මරණකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මරණකරු වයස අවුරුදු 60ත් 65ත් අතර වයසේ පසු වන, උස අඩි 05යි අඟල් 04ක පමණ පිරිමි පුද්ගලයෙක්.

ඔහු අළු පැහැති සරමක් හා කළු පැහැති අත්කොට ටී ෂර්ට් එකක් හැඳ සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ...

POPULAR ARTICLES

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...