29 C
Colombo
Saturday, July 6, 2024

විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

- Advertisement -

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව පුද්ගලික ජංගම දුරකථනයෙන් සිදු කරන සියලු රාජකාරී කටයුතු නතර කිරීම, ප්‍රවාහන පහසුකම් හෝ දීමනා නොලැබෙන කිසිඳු වැඩසටහනකට රාජකාරී ස්ථානයෙන් බැහැරට නොයෑම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත් බව සඳහන් වනවා.

මේ අතර, අද (02) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ , පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයට පහර දීමට විරෝධය පළ කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

අද පාසල් වේලාවෙන් පසුව විරෝධතා පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

යෙහෙළියක් ගෙනා අත්තන ඇට කෑමට ගත් සිසුන් 7ක් රෝහලේ

වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතු ළත් කර...

ඊළඟ ඡන්දෙට ඇඟිලි පාට කරන්න ඕනේ නැහැ – පැෆරල්

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ‘මව්බිම’ වෙත ප්‍රකාශයක් ලබා...

රාජ්‍ය අංශයේ වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...