24.1 C
Colombo
Friday, November 29, 2024

වෛද්‍ය අනුුරුද්ධ පාදෙණියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමයේ විරෝධය

- Advertisement -

පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “උරුමය” නම් වූ වැඩසටහනේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් සිදුකරන ලද පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කර සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරන්නේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා වැනි විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන දැනුමක් නොමැති පුද්ගලයන් ආණ්ඩුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේ හෝ උපදේශක තනතුරක් දැරීම තමන්ට ප්‍රහේලිකාවක් බවයි.

එම නිවේදනය පහතින්,

“පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය 2021.06.14 වන දින ස්වාධීන රෑපවාහිනියේ විකාශය වූ “උරුමය” වැඩසටහනේදී වෛද්‍ය පාදෙණිය මහතා විසින් සිදුකරන ලද පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. වෛද්‍ය වෘත්තිය සහ වෘත්තිය සමිතියක් නියෝජනය කරන්නෙකු ලෙස ඔහුගේ ප්‍රකාශය කෘෂිකර්ම පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉලක්ක කර ගත්තක් වන අතර එය දශක හතකට වැඩි කෘෂිකාර්මික අධ්‍යාපනයේ පුරෝගාමීන් ලෙස අපගේ කීර්තියට හානිකරන්නක් ලෙස අප දකිමු. එය වර්තමානයේ විවාදයට ලක්ව ඇති ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් මත තමා ප්‍රසිද්ධ වීමට ගත් ලාභ ප්‍රයත්නයකි.

එම වැඩසටහනේ වෛද්‍ය පාදෙණිය කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කිරීම නරඹන්නන් නොමග යවන්නකි. වෛද්‍ය පාදෙණිය වැනි විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන දැනුමක් නොමැති පුද්ගලයන් ආණ්ඩුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේ හෝ උපදේශක තනතුරක් දැරීම අපට ප්‍රහේලිකාවකි. එම වැඩසටහනේදී ඔහු අපගේ විශ්වවිද්‍යාලයේ නම සඳහන් කරමින් කරන ලද ප්‍රකාශය අපි දැඩිව හෙලා දකිමු.

අදාල ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයන් ඉස්මතු කරමින් මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් නොමඟ යවන වැඩසටහන් විකාශය නොකරන ලෙස ස්වාධීන රෑපවාහිනිය වැනි වගකීම් සහගත මාධ්‍ය ආයතන වලින් අපි දැඩිව ඉල්ලා සිටිමු. තවද මෙවැනි පුද්ගල ප්‍රතිරූප ඉස්මතු කිරීම සහ විද්‍යාත්මක නොවන මත පැතිරවීම හරහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී දැඩි හානියක් වියහැකි බවද වැඩිදුරටත් කියා සිටිමු.”

RECENT ARTICLES - SINHALA

හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා. අද අලුයම...

POPULAR ARTICLES