මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට අන්තර්ජාල පාරිභෝගිකයන් හට අසීමිත අන්තර්ජාල පහසුකම් අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාව වෙත දැනුම්දී සිටිනවා.
කොමිසන් සභාව පවසන්නේ මහජනතාව වෙත ලබාදීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හී තොරතුරු 2021 මාර්තු 01 වනදා වන විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබාදීමට අන්තර්ජාල සේවා සපයන්නන්හට නියෝගයක් ලබාදී ඇති බවයි.
ඒ අනුව මේ වන විට ලැබී ඇති පැකේජයන් අනුමත කිරීමේ ක්‍රියාවලියක දැනටමත් කොමිසම නිරතව සිටින බවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සදහන් කරනවා.