32 C
Colombo
Friday, January 10, 2025

චීනයේ ප්‍රකට විද්‍යාඥයින් දෙදෙනෙක්ගේ මරණ පිටුපස අභිරහසක්

- Advertisement -

මිත්‍රශීලී නොවන රටවලින් පැමිණෙන විදේශිකයන්ට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සහ සීමා පැනවීමට කඩතුරාවක් ලෙස තම කීර්තිමත් පුරවැසියන්ගේ අස්වාභාවික මරණ යොදා ගැනීම අදූරදර්ශී රජයන්ගේ දිගුකාලීන පුරුද්දකි.

ඒ හා සමාන තත්වයක් චීනයේ දිග හැරෙමින් තිබේ.

සුප්‍රසිද්ධ විද්‍යාඥයන් දෙදෙනෙකුගේ මරණවලට හේතු වූ රිය අනතුරු, කිසියම් කුමන්ත්‍රණයක් දැයි චීන බලධාරීන් සැක පළ කරයි.

කීර්තිමත් විද්‍යාඥයින් දෙදෙනෙකු සහ ජාතික මට්ටමේ පර්යේෂණ සහ සංවර්ධන පුද්ගලයින් දෙදෙනෙකු වන Feng Yanghe සහ Zhang Dabing ගේ අසාමාන්‍ය හා සැක සහිත මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට චීන රජය නියෝග කර තිබේ.

මෙම විද්‍යාඥයින් චීනයේ අධි තාක්‍ෂණික සහ තීරණාත්මක පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිවල නිරත වූහ.

ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ Feng Yanghe, රිය අනතුරකින් මිය ගියේ පසුගිය ජූලි පළමුවැනිදායි.

දින බීජිං නගරයේදී ඔහු කුලී රථයක් පදවාගෙන යමින් සිටියදී ට්‍රක් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය අතර ඔහුට අනුයුක්ත ආරක්ෂක නිලධාරීන් පසෙකින් තබා කුලී රථයකට යෑම මරණය සම්බන්ධයෙන් සැක ඇති කර තිබේ.

ෂැංහයි ජියාටොං විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන Zhang Dabing සහල් පාලනය, බාර්ලි සංවර්ධන ජීව විද්‍යාව, නව දෙමුහුන් සහල් අභිජනන තාක්‍ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධනය සහ ජානමය වශයෙන් වෙනස් කරන ලද ජීවීන්ගේ ආරක්ෂාව හඳුනාගැනීම යන ක්ෂේත්‍රවල පර්යේෂණවල නිරත විය.

ඔහු පසුගිය ජුනි 22 වැනිදා නිවසට යමින් සිටියදී රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහලට ගෙන යන අතරතුර මිය ගියේය.

මෑත වසරවලදී, චීනයේ බොහෝ කීර්තිමත් විද්‍යාඥයින් සැක සහිත තත්වයන් තුළ සහ වැඩි වශයෙන් රිය අනතුරු හේතුවෙන් සිය ජීවිත අහිමි කර ගෙන ඇත.

2017 දී, ජානමය වශයෙන් වෙනස් කරන ලද තාක්‍ෂණය අනිසි ලෙස භාවිතා කිරීමට විරුද්ධ වූ ෆුඩාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ෂොං යැං ව්‍යාපාරික සංචාරයක යෙදී සිටියදී මිය ගියේය.

මෙම මරණ සැලකෙන්නේ චීනයේ ඉදිරි පිම්ම ආපස්සට දැමීමට විදේශ රටවල් ගත් යටි උත්සාහයන් ලෙස ය.

මෙම විමර්ශනයේ ප්‍රතිඵලය අනාවැකි කීම අසීරු නමුත් ක්‍රියාකාරීන් සහ විරුද්ධ මත දරන්නන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චීන රජය ගෙන ඇති වාර්තාව අනුව, මෙම ‘හදිසි මරණ’ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමේ සිද්ධීන් විය හැකි යැයි අනුමාන කිරීම අතිශයෝක්තියක් නොවේ.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...