සංචාරක ඇෆ්ගනිස්තායට එරෙහිව බුලවායෝහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (27) හැකිවුණා.
තරගයේ දෙවන දිනය වූ අද සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 586ක් රැස්කළා.
එය ඔවුන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකළ ඉහළම ඉනිම වනවා.
මීට පෙර ඔවුන් ක්‍රීඩාකර තිබූ ඉහළම ඉනිම වූයේ 2001 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවති තරගයකදී ලකුණු 563ක් රැස්කර තිබීමයි.
සිම්බාබ්වේ ඉනිම ශතක 3කින් ශක්තිමත් වු අතර ඉන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ ෂෝන් විලියම්ස් ලකුණු 154ක් රැස්කළා.
නායක ක්‍රෙග් අර්වින් ලකුණු 104ක් හා බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 110ක් රැස්කිරීමට සමත් වුණා.