25 C
Colombo
Tuesday, November 26, 2024

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක්

- Advertisement -

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
 
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා.

ආපදා හේතුවෙන් ඇති වී ඇති ගමනා ගමන අවහිරතා නිසා විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේ දී යම් ප්‍රමාදයන් සිදුවුව ද ඒ පිළිබඳව සහනයක් ලබා දීමට විභාග මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශ විෂයපථයන් ගැසට් කෙරේ

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය...

ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් – ලාෆ් සමාගම

ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, ඊයේ (25) දිනයේ ගෑස් නැව්...

POPULAR ARTICLES