ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවට හිස්බුල්ලා සංවිධානයේ නායක Hassan Nasrallah ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, සිය සංවිධානයේ හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින්.
ඊට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවට ද හිස්බුල්ලා නායකයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, ඉරානයද දැඩි චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ ඊශ්‍රායලයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු අයුරකින් පසුබට නොවන බවටයි.