ඇමරිකානු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ජපානය ඇතුළු රටවල් 18ක් විසින් හොංකොං සහ චීන රජයන් විසින් හොංකොංහි මාධ්‍ය නිදහස සීමා කිරීම දැඩි ලෙස හෙළා දැක ඇත.
හොංකොං හි Stand News සහ සිටිසන් පුවත් සේවා මෑතදී වසා දැමීම උපුටා දක්වමින් පසුගියදා ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් අදාළ රටවල් 18 ප්‍රකාශ කර ඇත්තේ හොංකොංහි සමහර මාධ්‍ය ආයතනවල මාධ්‍ය නිදහසට බාධා කිරීමට සහ ස්වාධීන මාධ්‍ය මර්දනයට එරෙහිව වහා පියවර ගත යුතු බවයි.
බීජිං විසින් හොංකොං සඳහා පනවා ඇති ජාතික ආරක්ෂක නීතිය යටතේ මෙලෙලෙමාධ්‍ය නිදහසට බාධා කිරීම සිදුවන බව එරට මාධ්‍යවේදීහු පවසති.
විවිධ කුණු පදනම් කරගෙන සිදුකළ බාධා හේතුවෙන් ඇපල් ඩේලි පුවත්පත මීට මාස කිහිපයකට පෙර වසා දැමීමට සිදුවුණු අතර Stand News සහ සිටිසන් පුවත් සේවා වසා දැමීම සිදු වූයේ හොංකොං රජයේ නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඉල්ලා සිටි පුවතක් වාර්තා කිරීමෙන් අනතුරුවයි.