29.6 C
Colombo
Monday, April 14, 2025

කාබුල් අගනුවරට යළිත් ප්‍රහාරයක් එල්ලවේ යැයි ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඉදිරි පැය 24ත් 36ත් අතර කාලය තුළ ඇෆ්ගනිස්තානය තුළ විශේෂයෙන්ම කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකාව එක්සත් ජනපදය අනතුරු අඟවයි.

ඇමෙරිකානු හමුදාවේ අණදෙන නිලධාරීන් ජනාධිපති ජෝ බයිඩන් හමු වී ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි මෙම තොරතුරු ලබා දී තිබේ.

මේ අනුව ඇෆ්ගනිස්තානය තුළ තවත් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනසුරාදා (28) අනතුරු ඇඟවීය.

ඇෆ්ගන් භූමියේ තත්ත්වය “අතිශයින් භයානක” යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ අනතුරු ඇඟවීය.

මේ අතරවාරයේ දී ඉකුත් දා (26) වැනිදා කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා රැඳී සිටින ඇබේ ගේට්ටුවට අසළට මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමික් ස්ටේට් කොරාසාන් (අයි.එස්.-කේ) සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් එම සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි ඇමෙරිකාව ප්‍රකාශ කළේය.

එම ප්‍රහාර හෙළා දකින බව තලේබාන් සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් පැවැසීය.

“එය පැහැදිලිවම ඇෆ්ගන් දේශභූමියට එල්ල වූ ප්‍රහාරයක්” මුජහිද් පැවැසීය.

ඇමෙරිකාව සහ ඔවුන්ගේ බටහිර රටවල් සිය හමුදා, පුරවැසියන් සහ ඇෆ්ගන් හමුදා ඉවත් කළ පසු සිය සංවිධානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගන්නැයි ද මුජහිද් එම රටවලින් ඉල්ලීමක් කළේය.

RECENT ARTICLES - SINHALA

ප්ලාස්ටික් විරෝධී ව්‍යාපෘතියකට කොකාකෝලා සමාගමෙන් ඩොලර් මිලියනයක්

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රාමුවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ කොකා-කෝලා පදනම (TCCF) ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර්...

ලංගමෙන් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)...

බස් රථයක් ලොරියක ගැටී අනතුරක් – අයෙක් මරුට

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ - ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබෙනවා. අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය...

POPULAR ARTICLES