27.9 C
Colombo
Sunday, April 6, 2025

අමෙරිකානු ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

- Advertisement -

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

මේ නිසා මැදපෙරදිග අමෙරිකානු යුද කඳවුරු වෙත යුද ගුවන්යානා ඇතුළු යුධෝපකරණ යැවීමට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කටයුතු කළ බව පෙන්ටගනය ප්‍රකාශ කළා.

මේ විදියට යවා ඇත්තේ කවර වර්ගයේ යුද ගුවන්යානා ද යන්න සහ ඒවා යොදවා ඇත්තේ කුමන කඳවුරුවලට ද යන්න පෙන්ටගනය අනාවරණය කර නැහැ. 

කෙසේ නමුත් අමෙරිකානු ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඉන්දීය සාගරයේ දියේගෝ ගාර්ෂියා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු යුද කඳවුරේ සිට B-2 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා 6ක් පමණ පසුගිය සතියේ වෙනත් ස්ථාන වෙත යවා ඇති බවයි.

ඒ අනුව ඒවා මැදපෙරදිග කලාපයට යවා ඇතැයි විශ්වාස කෙරෙනවා.

ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට B-2 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානාවලට රේඩාර් ග්‍රාහක මඟහැර යා හැකිවා මෙන්ම අමෙරිකාවේ ප්‍රබලතම සහ බරැතිම බෝම්බ එල්ල කිරීම සඳහා ද යොදාගත හැකි වනවා.

B-2 යානාවල තවත් විශේෂත්වයක් තමයි ඒවා න්‍යෂ්ටික අවි එල්ල කිරීමට පවා යොදාගත හැකිවනවා.

ඉරානය හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයන් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදාවලට සහ අමෙරිකානුවන්ට තර්ජනය කළ හොත් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක පියවර ගැනීමට සිදුවන බව පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පානෙල් සඳහන් කළා.

මැදපෙරදිග කලාපයේ දැනටමත් සැලකිය යුතු හමුදා බලයක් ස්ථානගත කර ඇති අමෙරිකාව, ප්‍රහාරක ගුවන්යානා රැගෙන යා හැකි තවත් යුද නෞකා දෙකක් කඩිනමින් එහි යැවීමට කටයුතු කරනු ඇති බව ද වාර්තා වනවා.

සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියහොත් ඉරානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා දැඩි ප්‍රකාශයක් කළා.

එහෙත් අමෙරිකාව සමග ඍජු සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් ඉරානය ද දැඩි ස්ථාවරයක පසුවනවා. 

යේමනයේ හූති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාව මැදපෙරදිග කලාපයේ යොදවා ඇති B-2 ප්‍රහාර යානා යොදා ගෙනයි.

එම යානා අමෙරිකාව සතු න්‍යෂ්ටික නොවන ප්‍රබලතම බෝම්බය වන රාත්තල් 30,000ක් බරැති GBU-57 බෝම්බ හෙළීම සඳහා යොදාගත හැකි බව ආරක්ෂක විශේෂඥයන් පවසනවා.

ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට යම් විදියකින් ප්‍රහාරයක් එල්ල කළහොත් අමෙරිකාව එම අති ප්‍රබල බෝම්බ වුව ද යොදාගත හැකි බව විශ්වාස කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES