චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා පටය වන ‘උතුරු සුළඟ’ මාර්තු 5 වැනිදා සිට දිවයින පුරා තිරගතවීමට නියමිතයි.
උතුරේ සිවිල් යුද්ධය හා ග්‍රාමීය ප්‍රේම වෘත්තාන්තයක් පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති උතුරු සුළඟේ එරංග ජීවන්ත හා කාවින්ද්‍යා දුල්ශානි ප්‍රධාන චරිතවලට පණ පොවති.
එසේම ශ්‍රියන්ත මෙන්ඩිස්, බිමල් ජයකොඩි, සුජානි මේනකා, මීනා කුමාරි, දිල්හානි ඒකනායක හා සනත් ගුණතිලක ඇතුළු ප්‍රවීණයෝ රැසක් ද ඊට රංගනයෙන් දායක වෙති.
යාය 4, අයාල්, පියවි, ඇසිඩ්, රාහු හා බටහිර අහස ආදී ටෙලිනාට්‍ය රැසක් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයාට තිළින කළ චාමර ජනරාජ් පවසන්නේ මෙය යුද්ධය සම්බන්ධයෙන් වෙනත් මානයකින් බැලීමක් බවයි.