මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත්කිරිම සදහා පැවති ජන්ද විමසිමේ දි කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ්ගෙන් සහ රාජිත සේනාරත්නගෙන් කරුණු විමසා තිබෙනවා.
අදාල යෝජනාවට විරුද්ධව ජන්ද භාවිතා කිරීමට පක්ෂය තීරණය කර තිබු බව ඔවුන් වෙත ලිපියක් යොමුකරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් කිරිඇල්ල මහතා සදහන් කරනවා.
එහෙත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අදාල දිනයේ නොදන්වා පාර්ලිමේන්තුවට නොපැමිණී අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් ආණ්ඩුවේ යෝජනාවට පක්ෂව ජන්දය භාවිතා කර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල එමගින් සදහන් කළා.
ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රිවරයා ඔවුන්ට ලිඛිතව දැනුම් දි තිබෙන්නේ එසේ කටයුතු කිරිමට හේතු සතියක් තුල දැනුම් දෙන ලෙසයි .