31 C
Colombo
Wednesday, October 16, 2024

වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1932 වර්ෂයේ මාර්තු මස 15 දින උපත ලද ඇය ළමා මුද්‍රා නාට්‍ය කලාව හඳුන්වා දීමේ මුල් පුරුකයි.

කුමුදුනී මුද්‍රා නාට්‍ය එහි පළමු පියවර වන අතර රන් කිකිළි, ගිනි හොරා, හපනා, සේපාලිකා ආදී මුද්‍රා නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ මුද්‍රා නාට්‍යයන් වනවා.

වෙස් ඇඳුම් කට්ටලයට සමානකමක් දැක්වූ දේශීය කාන්තා රංඟවස්ත්‍රාභරණ කට්ටලය කාන්තාවන්ට සුදුසු ලෙස නිර්මාණශීලීව සෝමබන්දු විද්‍යාපතිගේ සහයෝගය සමඟ සකස් කිරීමේ ගෞරවය අදටත් හිමිවන්නේ වජිරා චිත්‍රසේන මහත්මියටයි.

තාණ්ඩව ගතිලක්ෂණ මෙන්ම චලන ද අන්තර්ගත වන උඩරට නර්තනයට ලාස්‍ය ලක්ෂණ සුදුසු පරිදි යොදා ගනිමින් කාන්තාවන්ට උචිත වූ නර්තන විලාසයන් සමඟ ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීමට ඇය සමත් වුණා.

1949 දී චිත්‍රසේන මහතා රචනා කළ රාවණා මුද්‍රා නාට්‍යය සඳහා පූජා නර්තනයෙන් මෙන්ම කරදිය, නල දමයන්ති මුද්‍රා නාට්‍යයන් සඳහා නර්තනයෙන් ද තම දායකත්වය ලබා දෙනු ලැබුවා.

මේ අතරින් කරදිය මුද්‍රා නාට්‍යයේ සිසීගේ චරිතයත් නල දමයන්තිහි හංස ධේනුවගේ චරිතයත් ඇගේ නර්තන ප්‍රතිභාව මෙන්ම රංගන කෞෂල්‍ය ද විදහා දැක්වීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ගුවන් යානා 10කට බෝම්බ තර්ජන

ගතවූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැගි...

කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට – දෙදෙනෙක් අත්අඩංගුවට

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල ට...

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අතුරු තහනමක්

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම්...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...