26 C
Colombo
Sunday, January 19, 2025

එන්න පොළේ යන්න

- Advertisement -

විශාල ‌සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟින් ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත ආරම්භ කරනු ලැබුවා.

ජනවාරි 05 දා සවස No Names Collective සංගීත කණ්ඩායම සමඟ සංයෝජනය වූ රංගවේදී ප්‍රියන්ත සිරිකුමාර සමාජ සංවාද තලයකට මඟ විවර කළා.

ජනප්‍රිය සුගායක නදීක ජයවර්ධනගේ ඉමිහිරි ගී ගැයුම ප්‍රේක්ෂකයාව ගෙන ගියේ සිතිවිලි සීතල ඉසව්වකටයි.

No Names Collective සුපුරුදු පරිදි සිය ගවේෂණාත්මක ගී අත්හදාබැලීම් කිහිපයක් සහෘදයන් වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ඒවා බාරගත්තේ දැඩි උද්යෝගීවයි.

ප්‍රශ්නයක් ඇයි ප්‍රශ්නයක් වුණේ යනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ නිර්මාණය පද රචනාමය නවමු බවක් එක් කළ එකක් වුණා.

පසුව ඇති වුණ සංවාදය ඉතා හරබර බරසාර වූ අතර විවේකී සති අන්තයේ සාමාන්‍යයෙන් එවැනි වැඩසටහනකට සහභාගි නොවෙන තරම් ප්‍රමාණයේ පිරිසක් සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමක්.

මෙම සංවාදය සෙන්ටරයෙන් එළියට ගෙන ගොස් මහජනතාව අතරට ගෙන යෑමට ඔවුන් වෑයම් කරන බව සැළවෙන අතර එළැඹෙන ජනවාරි 19 දා මහරගම පොලේ වැඩසටහන සූදානම් වන බවද කියැවෙනවා.

RECENT ARTICLES - SINHALA

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...

මෝටර් රථයක් ගඟට පෙරලී අනතුරක්

මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් කාන්තාවක් හා පිරිමි...

POPULAR ARTICLES

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

සටන්විරාමය ආරම්භයි

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබෙනවා. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට...

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...