25 C
Colombo
Wednesday, January 22, 2025

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා දිවියෙන් සමුගනී

- Advertisement -

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 89 වෙනි වියෙහි පසු වුණා.

1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානය දිනාගත් සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව‘, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’ ආදී චිත්‍රපට රැසක් දේශීය සිනමාවට දායාද කළා.

එමෙන්ම,  ‘පස්වැන්න’, ‘ගරුඩගල’, ‘උඩවැඩියා මල් දෙකක්’, ‘අනාගතය උපන් දවස’, ‘ඉසුරු සයුර’, ‘දළදා සිරිත’, ‘ආචාර්ය කොල්වින්’, ‘රන්දිය දහර’, ‘අපට හෙටක් ඇත’ සහ ‘පියා සහ දරුවෝ’ වැනි වාර්තා චිත්‍රපට රැසක්ද ඔහු විසින් නිර්මාණය වුණා.

සිනමාවට කලාකරුවන් රැසක් හඳුන්වා දෙමින් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා මහතා කලක් ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

කුකුල් ඔළු සහ කකුල් චීනයට යැවීමට අවසර

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා...

ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජල...

POPULAR ARTICLES

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක්...

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක...