කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.
එමෙන්ම, සෞඛ්‍යය අමාත්‍ය චන්න ජයසුමන ද ඉල්ලා අස්වී තිබෙනවා.
සුදුසු පුද්ගලයන්ට රජය භාරදිය යුතු බවයි ඔහු සිය ලිපියෙන් පවසා තිබුණේ.
කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමේදී අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වූ සේ සලකන බැවින් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි දෙමින් රංගනයක යෙදෙන බවට විද්වතුන් චෝදනා කර සිටිනවා.