32 C
Colombo
Monday, January 20, 2025

විජිත් විජයමුණි අධිකරණයට

- Advertisement -

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණා.

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, නීතිවිරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ එන්ජින් සහ චැසි අංක යෙදූ ලොරි රථයක් භාවිත කිරීමේ චෝදනාවකට අදාළවයි.  

අත්අඩංගුවට ගැනුණු සැකකාර හිටපු අමාත්‍යවරයා අනතුරුව හපුතලේ පොලීසියට භාරදී තිබුණා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද (20) පෙරවරුවේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සුවදුක් විමසීමට උසාවියට පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES