නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළා.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙන්ම දිවයිනෙන්ම වැඩිම මනාප ලබාගෙන ඓතිහාසික වාර්තාවක් තැබූ විජිත හේරත් මහතාට අමාත්‍ය ධූර තුනක් හිමිව තිබෙනවා.
ඒ අනුව විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූවා.