28.1 C
Colombo
Wednesday, December 4, 2024

සාහිත්‍යයට ආ පිරිමි ගුරුවරයා විශාඛා විදුහල්පතිනිය එලවලා

- Advertisement -

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා විශාඛා විද්‍යාලයට පැමිණි ගුරුවර‍‍ෙකු එම විද්‍යාලයට නුසුදුසු බව පවසමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම ගුරුවරයාව ප්‍රතික්‍‍‍ෂේප කර ඇත.

මෙම ගුරුවරයා මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරු යටතේ මෙම විදුහලට ජනවාරි 04 දින පැමිණ ඇත. විශාකා ිද්‍යාලයට පැමිණි අදාල ගුරුවරයා බුලත් හුරුල්ලක් දී තමන්ගේ මාරුවීම් ලිපිය විදුහල්පතිනියට පිළිගැන්වූ අවස්ථාවේ දී “ ඔයාට මෙහෙ ඉඩ නැහැ. සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න පිරිමි ගුරුවරයෙක් සුදුසු නැහැ” කියමින් එම ලිපිය තමන් වෙත දමා ගැසූ බවට එම් ගුරුවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

එමෙන්ම විදුහලේ ආරක්ෂකයන් යොදවා තමන් විදුහලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනිය කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ පිළිබඳව එම ගුරුවරයා බම්බලපිටිය පොලිසියටද පැමිණිලි කර ඇත.

මෙම ගුරුවරයා විශාඛා විදුහලට පැමිණ ඇත්තේ අමාත්‍යාංශයේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනුව ය.

මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත කළ විමසීමකදී විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොල මෙසේ පවසා ඇත. “උසස් පෙළ සිංහල විෂයය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරයකු පැමිණ නැහැ. ඒ විෂයයේ කාන්තා වර්ණනා තියෙනවා. ඒ වර්ණනා උගන්වන්න තරම් පෞරුෂයක් මේ ගුරුවරයාට නැහැ” 

මෙම ගුරුවරයා පාසලට ස්ථාන මාරු නොකරන ලෙස තමන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව කී විදුහල්පතිනිය එම ඉල්ලීම ගුරුමාරු මණ්ඩලය පිළිගෙන නැතැයි ද මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ලේකම්වරයාට පැහැදිලි කර දුන් බවත් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පවසනවා. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා...

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙලා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය පත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පත් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට ඊයේ (03)...

POPULAR ARTICLES

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පවසනවා. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා...

දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර

ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 'A' කාණ්ඩයේ සියලු තරග අද (04) අවසන් වූ අතර, ඒ සමග අවසන් පූර්ව වටයේ දී...