කොරෝනා වයිරසය හේතුවෙන් සිය රටවල වැසියන්ගේ ආයු අපේක්ෂාව පහළ වැටී ඇතැයි ඇමෙරිකාවේ හා එංගලන්තයේ සරසවි පර්යේෂකයෝ පවසති.
ඇමරිකාවේ සවුත් කැලිෆෝනියා හා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මෙම පර්යේෂණය කර ඇති අතර ඊට අනුව දෙරටේම පුරවැසි ආයු අපේක්ෂාව වසරකින් පහළ දැමීමට කොරෝනා වයිරසය සමත්ව ඇත.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයට අනුව ආයු අපේක්ෂාව වඩා පහල වැටී ඇත්තේ සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන්ගේ හා ලතින් ඇමරිකානුවන්ගේය.
ඇමෙරිකානු සුදු ජාතිකයන්ගේ ආයු අපේක්ෂාව මාස නමයකින් අඩු වී වසර 67ක අගයට පැමිණෙද්දී කළු ජාතිකයන්ගේ වසර 2දෙකකින් අඩුවී වසර 72 දක්වාත් ලතින් ඇමරිකානුවන්ගේ වසර තුනකින් අඩු වී වසර 78 දක්වාත් ආයු අපේක්ෂාව පහළ වැටී ඇත.
එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකට අනුව එරට කාන්තාවට වඩා ආයු අපේක්ෂාව පහළ වැටී ඇත්තේ පුරුෂයන්ගේ ය.
ඒ අනුව එංගලන්ක කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වසර 82කි. පුරුෂයන්ගේ වසර 78කි.