26.2 C
Colombo
Thursday, November 14, 2024

ඡන්ද විමසීම ආරම්භ වෙයි

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ 81,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහහත් ලක්ෂ 65,351 දෙනෙක්.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6081ක් .

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නවා – හරිනි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අද (14) මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන්...

POPULAR ARTICLES