තායිවාන ජනාධිපතිවරණය අද (13) පැවැත්වෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා එරට පාලක පක්ෂය වන ඩී.ඩී.පී පක්ෂය නියෝජනය කරන වත්මන් උපජනාධිපති විලියම් ලායි චින්ග්තේ ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් ව සිටින බවයි.
අද පෙරවරුවේ ආරම්භ වූ ඡන්ද විමසීම එරට වේලාවෙන් පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිත අතර, මිලියන 19යි දශම 5ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන් වෙනවා.
මෙය චීනය සමඟ තායිවානයේ අනාගතය තීරණය කරන මැතිවරණයක් වනු ඇති බව විදෙස් විචාරකයින් විසින් පෙන්වා දෙනවා.