25 C
Colombo
Friday, November 15, 2024

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 04 ට අවසන් කෙරුණා.

අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක්.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරුණා.

තේරීම්භාර නිළධාරිවරුන් සඳහන් කළේ, අද පස්වරු 03 වන විට ගම්පහ, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, බදුල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා තිබූ බවයි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් අද වාර්තා නොවූ බවයි.

RECENT ARTICLES - SINHALA

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

POPULAR ARTICLES