කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පොලිස් කොස්තාපල්වරියක් පැමිණි සාදයකට වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වීම හේතුවෙන් වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.
එබැවින් දෙසැම්බර් 04 දින වැල්ලව පොලිසිය තාවකාලිකව වසා දමා ඇති අතර එහි රාජකාරි කටයුතු සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් තාවකාලිකව පොලිස් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කර ඇති බවත් වාර්තා වේ.