26 C
Colombo
Sunday, October 6, 2024

පොලීසියේ නමින් එන ව්‍යාජ ලිපියක් ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව පවසමින් අන්තර්ජාලයේ සංසරණයවන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අදාළ ලිපිය මගින් දැවැන්ත දත්ත කොල්ලයක් සිදුකිරීමට හැකියාවක් ඇති බවට ඇතිවූ සැකයක් හේතුවෙන්.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වූ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වල සංසරණය වූ අතර එය 2024 ජූලි 01 වනදා පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා නිකුත් කළ බව හැඟවෙන අයුරින් සකසා ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව අනාවරණ කරගැනුණේ මෙරට, ප්‍රමුඛ පෙළේ මර්මස්ථාන රැසකට මෙන්ම ඒවායේ ප්‍රධාන නිලධාරීන් රැසකට අදාළ ලිපිය ඒ වන විටත් ඊමේල් මගින් යොමුකර තිබූ බවයි.

මෙහි විශේෂත්වය වන්නේ එය මුද්‍රණය කරගැනීම, සඳහා අනිවාර්යයෙන්ම බාගත කරගත යුතුවීමයි.

එහෙත් එය මුද්‍රණය කිරීමට ද හැකියාවක් පවතින්නේ නැත.

එය බාගත කළ පසු එය යවන ලද පාර්ශ්වයට එහි ඇති මැල්වෙයා, වෛරස් ආරක්ෂණ පද්ධති තුළට ඇතුළු වී අදාළ පරිගණකවල ඇති දත්ත සොරාගත හැකි අතර ඉන්පසුව පරිගණකයේ වේගය අඩාළ වීමද සිදු වන බව සඳහන්.

පොලීසිය පැවසුවේ, දත්ත සොරකම් කිරීමේ අරමුණින් හෝ ඇතැම් පාර්ශ්වයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම ලිපිය යොමුකර ඇති බවයි.

ඒ අනුව, තමන් නොදන්නා පුද්ගලයෙකුගෙන් යම්කිසි ඡායාරූපයක්, ලින්ක් එකක් හෙවත් පරිශීලක පිවිසුමක් හෝ පීඩීඑෆ් පිටුවක් පැමිණියහොත් එය විවෘත නොකරන ලෙස විමර්ශන නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

වසරක් තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ...

මහ ඡන්දෙට පොහොට්ටුවක් නැද්ද?

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....