කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.
මේ හේතුවෙන් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
