30 C
Colombo
Wednesday, October 16, 2024

උපුල් තරංගට වරෙන්තු

- Advertisement -

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කළා.

ඒ, මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ “ලෙජන්ඩ් ට්‍රෝෆි 2024” ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව ගොනු කෙරුණු නඩුව මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම් ආම් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගි පටෙල් නමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනාව සිදු කළ බවට උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණා.

ඔහුගෙන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ අතර අධිකරණයේදී හෙළි වුණේ තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණයට නොදන්වා අමෙරිකානු නැෂනල් ලිග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදෙස් ගත වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගෝලීය අවශ්‍යතාවයට අනුව අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කරන්න ඕන-අනුර

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ...

බෝවන රෝග පැතිරීමේ අවධානමක්

ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කරන්නේ පාචනය, ලේ අතීසාරය,...

මහර සිරකරුවන්ට වෙඩි තිබ්බ නඩුව වහලා දාලා

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙසත්  'කොරෝනා' ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිදු කළ විරෝධතාවයකදී සිරකරුවන් 11...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...