වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් එම තනතුර පුරප්පාඩුවීම හේතුවෙනුයි.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ද වනවා.
කෙසේ වෙතත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට චෝදනා එල්ලවී තිබෙනවා.