ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක සීදූව යන නගර සභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල, ජාඇල, බියගම, මහර, දොම්පේ, කටාන හා මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලය අත්හිටුවනු ලබන බව මණ්ඩලය සදහන් කරනවා.
බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයූත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.