26 C
Colombo
Thursday, July 4, 2024

ඉන්දියාවෙන් යාපනයට වතුර

- Advertisement -

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙනවා.

වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2016 – 10 – 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා.

එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කෙරුණා.

ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසී චැසි ජල ටැංකි 1831ක් ස්ථාපිත කිරීමටත් 2022 -10 -10 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.

එම ව්‍යාපෘතියේ ඉතිරිව ඇති මුදල් වලින් ටැංකි 934ක් ස්ථාපනය කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

කෝටි ගාණක මුදල් වංචා කළැයි උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක්...

Breaking: ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දිනයක්

ව්‍යවසායකයෙකු සී.ඩී. ලෙනව මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ නිල කාලය...

පාසල් දරුවන් 6ක් ඇතුළු 9ක් රෝහලට යැවූ ලොරි අනතුර

මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී නුගවෙල පාසල් හංදියේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුව තිෙබනවා. ඊයේ (03) දහවල්...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්...