මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා.
ඒ අනුව, එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, පැවති වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර තිබෙනවා.
එක් වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද අනෙක් වාන් දොරටු දෙක අඩි තුන බැගින්ද විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙයින් තත්ත්පරේට ගණ අඩි 3775ක් කලා ඔයට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර අංගම ජලාශයේ වාන්දොරටු දෙකක් ද විවෘත කර තිබෙනවා.
අඩි එක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු හරහා තත්ත්පරයට ගණ අඩි 600ක් කලා ඔයට මුදා හැරෙනු ඇති.