ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුතු ජන සේත පෙරමුණට එක්වී තිබෙනවා.
කොළඹ මහ නගර සභාව සඳහා පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ට්‍රැක්ටර් ලකුණ යටතේ තරඟ කිරීම සඳහා ඔහු ඊයේ (16) නාමයෝජනා අත්සන් කළා.
නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් අසේල සම්පත් කොළඹ ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ කොළඹ නගරය ‘Clean’ කිරීමට ට්‍රැක්ටර් ලකුණට සහාය දෙන ලෙසයි.