30 C
Colombo
Thursday, September 19, 2024

තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්

- Advertisement -

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, රට ගොඩනැගීමට ඔවුන්ට සැලැස්මක් තිබූ බවත් සිදු කළ සෑම ආයෝජනයකටම වග කියන බවයි.

ඊයේ (17) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා,

“අපි ආවට ගියාට පාරවල් හැදුවේ නෑ. අපි ආවට ගියාට මහල් නිවාස හැදුවේ නෑ. ආයෝජකයෝ ගෙනාවේ නෑ. අපි සැලැස්මක් දැක්මක් තිබ්බා මේ රට ගොඩනගන්න.. කරපු හැම ආයෝජනයකටම අපි වග කියනවා. ගත්තු හැම ණයකටම මේ මහ පොළොවට වටිනාකමක් දීලා තියනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා.  

යම්කිසි කෙනෙක් කියනවා නම් අපි හොරා කෑවා කියලා, අපි අභියෝග කරනවා ලෝකයේ ඕනෑම අධිකරණයකට යන්න අපි අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් කියන එක. පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණදෙන්න බයද කියලා අරගලෙන් පස්සේ. අපේ අතේ ලේ නෑ. වැරදි කරලා නෑ. අපි ගැන වෙනස් අවබෝධයක් තියෙන්න ඇති.වැරදි මතයක් තියෙන්න ඇති, හැබැයි අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපිට ආත්ම ශක්තියක් තියනවා. ඒ ආත්ම ශක්තිය අපිට ගොඩනැගිලා තියෙන්නෙ අපි නිර්දෝශී නිසා සහ අපි හැදිච්ච දේශපාලන පරිසරයත් එක්ක..ඒක තමා මම කියන්නෙ මම අභියෝගවලට ආදරේ කරනවා. මේ රට ගොඩනගලා ඔබේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරන අභියෝගයත් මම ආදරය කරනවා. ඒ අභියෝගය මම ජයග්‍රහණය කරනවා.”

RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...