රටට ආදරය ඇති,රට ඉදිරියට ගෙන යා හැකි ජනතා හිතවාදී නායකයෙක් ඉදිරි කාලයේදී සොයා ගත යුතුව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
තමන් බඩ පිරෙන්නට කා ජනතාවට පටි තද කරගන්න කියනා නායකයෙක්ගෙන් රටට පලක් නැති නැති බවත් නව නායකයා රටේ දේපළ විකුණන පුද්ගලයෙක් නොවිය යුතු බවත් උන්වහන්සේ කියා සිටිනවා.
ඒ අනුව රටේ ඉදිරි ගමනට හොඳ කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විටත් සාකච්ජා පවත්වමින් සිටින බවයි මෙහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ.
ඔටුන්න තිබෙන්නේ තමන්වහන්සේලා සතුව බවත් එය පැළඳවීමට සුදුස්සෙක් තවමත් සොයමින් සිටින බවත් උන්වහන්සේ පවසනවා.