27.4 C
Colombo
Tuesday, April 1, 2025

අරගලය අතට ගන්නවා..! – සජිත්

- Advertisement -

පොදු ජන අරගලය සමගි ජන බලවේගයේ අතට ගනිමින් නුදුරු අනාගතයේදී රට ගොඩගන්නා විප්ලවය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ (11) පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අමතමින්.

“පොදුජන අරගලය නිසා සිරගත වූ විශාල ප්‍රමාණයක් තරණ තරුණියන් සිටිනවා. අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා විතරක් නෙමෙයි ජනතාවගේ දුක් කඳුළු අදෝනාව මත, පීඩනය මත නිර්මාණය වූ ඒ මහා ජන අරගලය අතට අරගෙන නොඳුරු අනාගතයේදී මේ රට ගොඩ ගන්න දැවන්ත විප්ලවය ක්‍රියාත්ම කරන්න අපි කටයුතු කරනවා.

ප්ලේටෝ කියන දාර්ශනිකයා මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා. ‘ඔබේ කැඩුණු සපත්තුව සාදා ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපතත්තු සාදාන්නාය. අසනීප වූ විට බෙහෙත් ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම වෛද්‍යවරයා. එහෙත් සියලු කාලාවන් අතරින් උසස්ම කාලව වන පාලන කලාව සඳහා ඔබ තොරගන්නේ අදක්ෂ කපටි රැලක්. මිත්‍රවරුණි, ඒ වැදගත් උපදෙස් අනුගමනය කරමින් අපි යෝජනා කරනවා රට ගෙඩනගන දක්ෂ පක්ෂ හපන්කම් තියෙන කණ්ඩායමක් අපි මේ රටට පත්කරගමු.”

මේ අතර මෙහිදී සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙස යළි ඒකමතිකව තේරී පත්ව ඇති අතර සමගි ජන බලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කර ඇත.

රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ ලේකම්වරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්ව තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතා පත්ව ඇත.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES