26 C
Colombo
Friday, January 24, 2025

අපි තමයි ලොකුම මුස්ලිම් පක්ෂය – බිමල්ගෙන් හකීම්ට උත්තරයක්

- Advertisement -

ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින්ගේ ගැටලුව දේශපාලනීකරණය නොකරන ලෙස  අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉල්ලා සිටිනවා.

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා මේ බව පවසා සිටියා.

රජය විසින් රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ ගැටලුව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව මානුෂීය ආකාරයකින් හසුරුවන බව ඔහු තවදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ මෙම සරණාගතයින් නැවතත් මියන්මාරයට යවන බවට ප්‍රකාශයක් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බවයි.

මෙහිදී බිමල් රත්නායක මහතා සමගි ජන බලවේගයේ මන්තී රවුෆ් හකීම් මහතා අමතමින් මෙසේ පවසා සිටියා,

“රවුෆ් හකීම් මැතිතුමා, ඔබතුමා මේ රටේ මුස්ලිම් ජනතාවගේ නායකයෙක් ඒකට අපි ගරු කරනවා,හැබැයි සජබෙ පොහොට්ටුවෙන් එන්නේ, අපි තමයි ලංකාවේ ලොකුම මුස්ලිම් ජනතාවගේ වැඩිම ඡන්දෙ තියෙන පක්ෂය. ඔයාලා වගේ අපි ජැක් ගහලා ඇවිත් නැහැ. ව්‍යවස්ථා සභාවට ආදම් බාවා පත් කළේ අපි. හර්ෂණ නානායක්කාර ඇමතිතුමාව ඒකට පත් කරලා ලියුම ගහලා තියෙද්දි තමයි  මුස්ලිම් නියෝජනය සඳහා ආදම් බාවා පත් කළේ. රෝහින්ග්‍යා සරණාගතයින්ව පාවිච්චි කරන්න හදන්න එපා. අපි එයාලාව බලාගන්නවා. හැම ජාතිවාදී ආණ්ඩුවකම ඉඳලා අද අපිට බණ කියන්න එන්න එපා”  

RECENT ARTICLES - SINHALA

කෝපා කමිටුවට අලුත් සභපතිවරයෙක්

දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබෙනවා.

කසිප්පු පෙරූ හිටපු පීසී මාට්ටු

සිය පදිංචි නිවස තුල කසිප්පු පෙරමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (23) සවස අත්අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසනවා. ලැබුණු තොරතුරක් විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසේදි මෙලෙස...

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

POPULAR ARTICLES

ICC වසරේ එක්දින කාන්තා කණ්ඩායම මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළා. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් වනවා....

කෝපා කමිටුවට අලුත් සභපතිවරයෙක්

දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබෙනවා.

ක්‍රිකට් සභාපති පුටුව කාටද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් වුණා. එහිදී ශ්‍රී...